ලොකු ළුෑණු ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමේදී ළුෑණු ගෙඩිවල විෂ්කම්භය කොන්දේසියක් ලෙස රජය විසින් ඉදිරිපත් කර ඇති බවට විපක්ෂ නායකවරයා සිදුකර ඇති ප්‍රකාශය කරුණු විකෘති කිරීමක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ලොකු ළුෑණු මිලදී ගැනීම වළක්වාලීම සඳහා රජය විසින් උපක්‍රමශීලී කොන්දේසි මාලාවක් පනවා ඇති බවට විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියා. අදාල කරුණ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළ කළ අදහසයි මේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.

ගොවි ජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදීමට වත්මන් රජය කටයුතු කර ඇති බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී කියා සිටියා.