ආණ්ඩුවට එරෙහිව ලබන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට විරෝධතා වැඩසටහනට සහභාගි වනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

මහා ජන හඬ නමින් පැවැත්වීමට නියමිත එම විරෝධතා රැළිය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ස රැසක් එක්ව සිටින බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ නියෝජිතයන් කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවල මහලේකම්වරුන් ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයින් එම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

මේ, එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.

මේ අතර, විපක්ෂයේ ඇතැමුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීම බොරු ආණ්ඩු විරෝධයක් මතු කිරීමට හේතු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

විපක්ෂයේ කුමන කණ්ඩායම් එක් වුවද ඔවුන්ගේ අරමුණු පිළිබඳවද මහජනතාවට අවබෝධයක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

රට විවිධ අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවල එක් නොවූ කණ්ඩායම් පවා මේ වන විට එක්ව සිටීමෙන් ඔවුන්ගේ අරමුණු පැහැදිලි වන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.