නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනයේ වසර 40ක සේවාව නිමිත්තෙන් ජනතාවට විවෘත දිනයන් දෙකක් හා ප්‍රදර්ශනයක් පැවැත්වීමට එම ආයතනය කටයුතු සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව පාසල් දරුවන්ට මෙන්ම ජනතාවට ලංකාවේ විශාලතම දුරේක්ෂය තුළින් අහස නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමි වනවා.
මීට සමගාමීව ආතර් සී ක්ලාක් ආයතනය පවත්වන ප්‍රදර්ශනය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට සහ තාක්ෂණික ආයතනවල දරුවන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවයි එම ආයතනය පැවසුවේ.
මෙහිදී රොබෝ තාක්ෂණ යෙදවුම්, අභ්‍යවකාශ තාක්ෂණ යෙදවුම්, ්ෂ තාක්ෂණික යෙදවුම්, ෂධඔ පදනම් වූ නිර්මාණ හා තාරකා විද්‍යාත්මක නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් 011 265 0838 යන දුරකතන අංකය සහ 011 265 0569 යන දුරකතන අංකය ඔස්සේ සහ ආයතනයේ වෙබ් අඩවියට පිවීමෙන් ලියාපදිංචි විය හැකි බවයි ආතර් සී ක්ලාක් ආයතනය පැවසුවේ.




