ගංවතුර සහ නාය යාම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 25,000ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයමේ බව සඳහන් කළා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ පාකිස්ථානු අගමැති ශෙබාස් ශරීෆ්, ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී පාකිස්ථානු රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවද පාකිස්ථානු අගමැති විසින් ජනාධිපතිවරයා වෙත සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පසුගිය දින කිහිපයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු විදේශ රටවල රාජ්‍ය නායකයන් රැසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කණගාටුව පළ කළා.
යළි ගොඩනැගීමේ කටයුතුවලදී සිය අඛණ්ඩ සහාය මෙරටට ලබා දෙන බවටද එම රටවල රාජ්‍ය නායකයන් සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.




