අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ 212ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා

තවමත් පුද්ගලයින් 218 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ .

පවුල් 273,606කට අයත් පුද්ගලයින් 998,918 අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා .

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා

ඒ මරණ 71ක්

මේ අතර මහනුවර මරණ 66ක්, මාතලේ මරණ 20ක් හා කුරුණෑගලින් මරණ 19ක් ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.