දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඒ වනවිට වගා කර තිබූ උඩරට එළවළුවලින් සියයට 40ක හානි සිදුව ඇතැයි බෝග විද්‍යා පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පහතරට එළවළු වගා භූමිද සියයට 40කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හෙක්ටයාර් 27,000ක වගා භූමිවලට හානි සිදුව ඇතැයි අනාවරණ කර ගෙන තිබෙනවා. කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවසුවේ වගා හානි වූ ගොවීන් 9,800කට වැඩි පිරිසකට දැනටමත් වන්දි ගෙවා ඇති බවයි.

ගොවීන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

ගොවි විශ්‍රාම වැටුප් සදහා මාසිකව රුපියල් මිලියන 475ක් වෙන් කරන බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.