මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් පිය පුතු දෙපලකට කඩුවකින් සිදුකළ පහරදීමකදී පුත්‍රයා මියගොස් තිබෙනවා.

දෙපිරිස අතර පැවති අරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී එම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පියා සහ පුත්‍රයා කළුතර, නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පුත්‍රයා මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 23ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු 51 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.