Published
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. අක්ෂාර් පටෙල් වෙනුවට උප නායකයා ලෙස ශුබ්මන් ගිල් යළි කණ්ඩායමට එක්කර තිබීම විශේෂත්වයක්. කෙසේවෙතත් මේ වසරේ පැවති s IPL ක්‍රිකට් තරඟාවලියේදී පිත්තෙන් ඉහළ දස්කම් දක්වමින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරඟය දක්වා ගෙන ගිය ශ්‍රෙයාස් අයියර්ට ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ. ආසියානු කුසලානයේදී ඉන්දියාව A කාණ්ඩයෙන් තරඟ වදින්නේ පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟයි. ශ්‍රී ලංකාව ද සහභාගී වන ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා ආරම්භ වනවා.