කොටුව පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කොටුව මහේස්ත්‍රාත් අධකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරුණා.

එලෙස ඔහු මුදා හැරුණේ රුපියල් මිලියනයක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මතයි.

අර්චුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

අර්චුනා මන්ත්‍රීවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්ද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දැක්වුවා.

 

 

අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ඇප ලබා අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.