වත්මන් රජයේ අමාත්‍යවරුන් කිහි දෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බොහෝ දෙනෙකු සිය වත්කම් බැරකම් සැඟවූ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සතු රුපියල් කෝටි 27ක වත්කම් සම්බන්ධයෙන් සහ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
වත්කම් බැරකම් සැඟවූ කණ්ඩායම් ආණ්ඩුවට එල්ල කරන චෝදනා ජනතාව පිළිනොගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.
මේ අතර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ගැටලු ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ පැමිණිල්ලක් ද භාරදෙනු ලැබුවා.




