ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සිදු වන අවස්ථාවේ එහි කාන්තාවන් දෙදෙනෙකු සහ රියදුරු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනා තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව බරපතළ තත්ත්වයේ සිටි අයෙක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවූ බවයි පොලීසිය පැවසුවේ.

අනතුරට ලක් වී ඇත්තේ බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා.