ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් රාවණා දිය ඇල්ලට ඉහළ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපභෝගී කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. තුවාලකරුවන් දෙමෝදර සහ බණ්ඩාරවෙල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදු කරනු ලබනවා.