දේශීය නිෂ්පාදන සඳහා රට තුළ පවතින ඇලුමිනියම් ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය පවසනවා.

ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු හේතුවෙන් එහි රැකියා කළ පුද්ගලයින් විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි ඇය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා.

ඇලුමිනියම් අපනයනය කිරීමේදී පවතින නීති ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා එහිදී කරුණු පැහැදිලි කළා.

මේ අතර කම්කරු පනත වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය කටයුතු කරමින් සිටින ආකාරය සම්බන්ධයෙන් ද කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා.