ඇෆ්ගනිස්ථානය සමඟ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වන බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය විදේශ අමාත්‍යශය ඒ බව නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් වෙළඳ අමාත්‍ය අල්-හජ් නූරුදීන් අසීසිගේ නවදිල්ලි සංචාරයට සමගාමීව ඉන්දියාව මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ආනන්ද් ප්‍රකාශ්, භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු අවසන් කර ඇති බව තහවුරු කළේය.

''ඉන්දු - ඇෆ්ගන් අංශයේ සහ කාබුල්-අම්රිත්සාර් මාර්ගවල ගුවන් භාණ්ඩ ප්‍රවාහන කොරිඩෝව සක්‍රීය කර ඇති බවත්, මෙම අංශවල භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් ඉතා ඉක්මනින් පැමිණෙන බවත් නිවේදනය කිරීමට මම සතුටු වෙමි," ඔහු පැවසීය.

පකිස්ථානය සමඟ පවතින ආතතීන් මධ්‍යයේ ඇෆ්ගනිස්ථානය සිය ආර්ථික හවුල්කාරිත්වය පුළුල් කිරීමට බලාපොරොත්තු වන බැවින්, කෘෂිකාර්මික අපනයන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් පස් දින සංචාරයක් සඳහා අසීසි ඉන්දියාවේ රැඳී සිටියි.

නවදිල්ලියේ ඔහුගේ රැස්වීම් වෙළඳ පරිමාවන් වැඩි කිරීම, ඇෆ්ගන් නිෂ්පාදන සඳහා වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ඖෂධ, යන්ත්‍රෝපකරණ සහ රෙදිපිළි ඉන්දියානු අපනයනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙමින් සිදු කෙරෙන බව සඳහන් වේ.