Published
ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රීයතාව අවසන් කළ හැකි ගිවිසුමකට අමෙරිකානු සෙනෙට් සභිකයින් එකඟ වී තිබෙනවා.
ඒ අනුව රිපබ්ලිකන්වරුන් සමග සාකච්ඡා කරන ලද ගිවිසුමකට ඡන්දය දීමට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් පිරිසක් සූදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් ෆෙඩරල් රජය දින 04ක් පුරා වසා දැමුණා.
එය අවසන් කළ හැකි ගිවිසුමකට සෙනෙට් සභිකයින් මෙලෙස එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඡන්දය සම්මත වුවහොත් අමෙරිකාව පුරා රජයේ සේවාවන් සම්පූර්ණයෙන්ම යළි ආරම්භ කිරීම සිදු වනු ඇති.
කෙසේවෙතත් අදාළ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට කොපමණ කාලයක් ගත වේද යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.




