Published
ඉදිරි උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරත වන ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ද කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ.
ත්‍රිවිද හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද ඒ සදහා අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා මෙම අදහස් පළ කළා.




