ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය මෙන්ම ශාසනික ව්‍යාපෘති රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස තුන්වන වරටත් තේරීමෙන් පසු අස්ගිරි සහ මල්වතු මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීයි.