ඉස්ලාමාබාද් නුවර පිහිටි අධිකරණ පරිශ්‍රයක් ඉදිරිපිට පුපුරා ගිය බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්තානය සිය රටට එල්ල කළ චෝදනා සඳහා ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් ඉන්දියාවට දොස් පැවරූ අතර ඔහු පැවසුවේ ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටිය හැකි බවයි.
පකිස්තානයේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ විමසීමේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පැවසුවේ පකිස්තානයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
එම චෝදනාව රටේ අභ්‍යන්තර කැලඹිලි වලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පකිස්තාන නායකත්වයක් විසින් කරන ලද පුරෝකථනය කළ හැකි උපක්‍රමයක් ලෙස ද ඔහු පැවසුවේය.
මිලිටරි ආභාෂය ලත් ව්‍යවස්ථාමය කඩාකප්පල් කිරීම සහ රට තුළ දිග හැරෙන බලය අල්ලා ගැනීම පිළිබඳව තමන්ගේම මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පකිස්තානය ඉන්දියාවට එරෙහිව ප්‍රකාශ නිර්මාණය කරමින් සිටින බව ජයිස්වාල් පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ප්‍රජාව යථාර්ථය හොඳින් දන්නා අතර පකිස්තානයේ මංමුලා සහගත ප්‍රකාශ සහ උපක්‍රමවලින් නොමඟ නොයනු ඇති බවයි.




