ඉන්දියාවේ බිලාස්පූර් දිස්ත්‍රික්කයේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත නාය යාමකට හසුවූ බස් රථයක සිටි පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 30ත් 35ත් අතර පිරිසක් සිට ඇති බවටයි වාර්තා පළ වන්නේ.
අනතුරින් මේ දක්වා දිවි බේරා ගැනීමට හැකි වී ඇත්තේ තිදෙනෙකුගේ පමණයි.
සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි ඉන්දීය බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.
මෙම බස් රථය හර්යානාවේ රොහ්ටැල් සිට ගුමර්වින් ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.
මාර්ගයේ ගමන් ගනිමින් තිබූ එම බස් රථය මතට එක්වරම කන්දක් කඩා වැටී බස් රථය එයට යටවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අනතුරට පත්වූ බස් රථයේ පිරිස් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ද දියත් කෙරුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 02ක වන්දියක් සහ තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක වන්දියක් ලබාදෙන බවයි.




