Published
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තවත් තීරණාත්මක තරඟයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි. මෙම කණ්ඩායම් දෙකම සුපිරි හතර දෙනාගේ වටයේ එක් තරඟය බැගින් ක්‍රීඩා කර එම තරඟ ජයග්‍රහණය කර තිබෙනවා. සුපිරි හතර දෙනාගේ වටයේ තමන් සහභාගී වූ පළමු තරඟයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු හයක ජයක් වාර්තා කළා. බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරඟය ජයගත්තේ කඩුලු හතරකින්. මෙම තරඟය ජයගන්නා කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට පිවිසීමට බොහෝදුරට අවස්ථාව හිමිවනු ඇති. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට ආරම්භ වීමට නියමිතයි.