2025  ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට මෙතෙක් ඉන්දියාවේ පැවති තරග සදහා එරට රැදී සිටි ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක මෙරට දී පැවැත්වෙන ඉදිරි තරග සදහා සහභාගී වීමට , විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ඔවුන් ඊයේ රාත්‍රී 08.35 ට ඉන්දියාවේ ගුවාටි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී . - 522 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ .