Published
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12 ක කාලයක් පැවැති යුද ගැටුම් සහ පශ්චාත් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුව ඇත.
එමෙන්ම ඉරානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීම සඳහා ආරම්භ කළ සින්ධු මෙහෙයුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් දෙපලගේ අවධානය යොමුව තිබේ.
එහිදී සිය ගණනක් ඉන්දියානුවන් ආරක්ෂිතව ඉරානයෙන් ඉවත් කර ගැනීමට ඉරාන රජය ලබා දුන් සහයෝගයට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කර තිබිණි.
අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ වර්තමාන සංකීර්ණ තත්වය තුළ ඉරානයේ ඉදිරිදර්ශනය සහ චින්තනය බෙදාගැනීම අගය කරන බවයි.