ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ලොවම කතා කළ ඉන්දු පකිස්ථාන දේශපාලන අර්බුදය ක්‍රීඩා පිටියට පැමිණීම තවමත් අවසන් වී නැහැ. දැන් ඉඟි පළ වී ඇත්තේ මේ වන විට පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදීද මෙම අර්බුදය මතු වනු ඇති බවටයි. ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන ඉන්දු පකිස්ථාන තරඟයේදීද බොහෝ දුරට ක්‍රීඩිකාවන් අතට අත දීමක් හෝ වැළඳගැනීමක් සිදු නොවනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මේ අතර, කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.