Published
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය සහ පකිස්ථාන කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වෙනවා. එම තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග තමන් සහභාගී වූ පළමු තරඟය ජය ගනු ලැබුවා. කෙසේවෙතත් පකිස්ථාන කණ්ඩායම මෙම තරඟාවලියේ තමන් සහභාගී වූ පළමු තරඟය බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වුණා. මේ අතර, ශ්‍රී ලංකා සහ ඕස්ටේ්‍රලියා කණ්ඩායම අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අතහැර දැමුණා. ඒ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.