ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි, සභාපති ඩෙල්ෆින් ප්‍රොන්ක් ප්‍රමුඛ යුරෝපා සංගමයේ දේශපාලන සහ ආරක්ෂක කමිටු නියෝජිත පිරිසක් හමුවිය.

ඒ, එම නියෝජිත පිරිසගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.

ඉන්දියාව සහ යුරෝපා සංගමයේ උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ ආරක්‍ෂාව සහ ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයේම සාකච්ඡාවලදී අවධානය යොමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් නිවේදනය කර තිබේ.

එමෙන්ම එම නියෝජිත පිරිස දිල්ලියේ දී ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං හමුවී සාකච්ඡා කළ බව ද සඳහන්.

ධාරිතා ගොඩනැගීම, හැකියාව වැඩි දියුණු කිරීම සහ නැගී එන අභියෝග පිළිබඳව එහිදි අවධානය යොමු විය.