මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල අඩු කරන අවස්ථාවේදී එහි වාසිය ජනතාවට ලබා දීමටද කටයුතු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
ඒ අනුව අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම්වලද මිල ගණන් පහත හෙළීමට කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
අවම මිල ගණන් යටතේ ඉන්ධන මිල පහත දමන අවස්ථාවලදී නිෂ්පාදන පිරිවැයෙහිද මිල පහළ යාමක් සිදු වන බව ඔහු කියා සිටියා.
මෙම මාසයට අදාළව ඉන්ධන මිල ගණන් පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහළ දැමුණා.
එහි නව මිල 299ක් වනවා.
ලංකා සුදු ඩීසල් ලිීටරයක් ද රුපියල් 06කින් පහළ දැමුණා.
සුදු ඩීසල් ලිීටරයක නව මිල රුපියල් 283ක්. රුපියල් 12කින් පහළ දැමූ සුපිරි ඩීසල් ලීිටරයක නව මිල රුපියල් 313ක්.
කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය කෙරුණේ නැහැ.
එහි පැවති මිල වන රුපියල් 341ක මිල තවදුරටත් ක්‍රියාත්මකයි.
එමෙන්ම ලංකා භූමිතෙල් මිලෙහි ද වෙනසක් සිදු වුණේ නැහැ.
එලෙස ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පැවසුවේ එම ඉන්ධන මිල සංශෝධනයට අනුව සිය ගාස්තුද අඩු නොකරන බවයි.
මේ අතර මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පැවසුවා.




