Published
ගාල්ල දිස්ත්රික්කයේ ඉමදුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව කෙටි කාලයක් තුල මුහුණ දෙන ගැටළුවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා. ඉමදුව සිට දික්කුඹුර හරහා ගාල්ල දක්වා දිවයන මාර්ගයේ කහඳ ප්රදේශයේ ප්රධාන මාර්ගයට ඉතාම සමීප ඉඩමක් තුල අවිදිමත් ලෙස කැලි කසළ විශාල ප්රමාණයක් බැහැර කිරීම නිසා ප්රදේශ වාසින් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. කැලි කසළ විශාල ප්රමාණයක් ලොරි රථ මගින් මෙම ස්ථානයට රැගෙන විත් දමන බවයි ප්රදේශවාසින් සඳහන් කර සිටියේ.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.