අමෙරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා කිසිදු ගිවිසුමක් හෝ විධිවිධානයක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් කිසිදු පොරොන්දුවක් ලබා දී නොමැති බවත් කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
මේ අතර දැන් ලෝකයම කතා කරන්නේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජාතිය අමතා කළ ප්‍රකාශයයි.
එහිදී ඔහු පැවසුවේ අමෙරිකාව තම න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල කළ ප්‍රහාරවලින් කිසිදු ජයග්‍රහණයක් ලබා නොගත් බවයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට මෙම ප්‍රහාර සැලකිය යුතු කිසිවක් ඉටු නොකළ බව ඔහු පවසා තිබුණා.
කෙසේවෙතත් මෙම මෙහෙයුමෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සැලකිය යුතු ලෙස හානි කර ඇති අතර එය වසර ගණනාවකින් පසුබෑමට ලක් කර ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
ඒ, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින්.