Published
                
                 
                
            ඉරානය සහ ඊශ්රායලය සටන් විරාමටකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
ටෘත් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ඉදිරි පැය 06ක කාලය තුළ එම සටන් විරාමය ක්රියාත්මක වනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
දෙපාර්ශවය සටන් විරාමයක් සඳහා සම්පූරර්ණයෙන්ම එකඟ වී ඇති බවත් ඉදිරි පැය 24 තුළ මැදපෙරදිග යුද්ධය නිල වශයෙන් අවසන් වනු ඇති බවත් ඔහු එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
කෙසේවෙතත් ඊශ්රායලය හෝ ඉරානය ඊට මෙතෙක් ප්රතිචාර දක්වා නැහැ.




