Published
ඉරානය සහ ඊශ්රායලය අතර පවතින අර්බුදය යළි ඕනෑම මොහොතක මතුවිය හැකි බව ප්රවීණ විදෙස් තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසනවා.
නෙත් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම අර්බුදය දැන් ඉරානයට සහ ඊශ්රායලයට වඩා වෙනත් පාර්ශවවලට අතිශය තීරණාත්මක වී ඇති බවයි.
අමෙරිකාවේ මැදිහත් වීම මත ඉරානය සහ ඊශ්රායලය අතර සටන් විරාමයක් ආරම්භ වූ බව පැවසුව ද ගැටුමේ මුල සිටින්නේ ද අමෙරිකාවම බවයි මොහාන් සමරනායක මහතා සඳහන් කළේ.
අමෙරිකාවේ පවතින ආර්ථික තත්ත්වය මෙන්ම චීනය, රුසියාව වැනි ප්රබල රටවල් දරණ ස්ථාවරය මත ඉරානය සහ ඊශ්රායලය පාදක කර ගනිමින් දීර්ඝ යුද්ධයකට එළඹීමට අමෙරිකාව කටයුතු නොකරනු ඇති බවයි මෙහිදී ප්රකාශ කෙරුණේ.
ඉරානය සහ ඊශ්රායලය අතර දැන් සටන් විරාමයක් ක්රියාත්මක වන්නේ සති දෙකකට ආසන්න යුද්ධයකින් පසුවයි.