Published
                
                 
                
            ඊශ්‍රායල සහ ඉරාන යුද්ධමය තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත් ඉදිරියේදී මෙරටට ආනයනය කරන ඉන්ධනවල මිල ගණන් ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විද්වතුන් පවසනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා පැවසුවේ පවතින යුද ගැටුම් මත ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ යා හැකි බවයි.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විටෙක බොර තෙල් සැපයුම ද බිඳවැටිය හැකි බවයි මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




