සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද විශේෂ අනාවරණයක් සිදු කළා.
අද පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ ඇය සමග තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ දේපල සම්බන්ධයෙන් ද ඉදිරියේදී විශේෂ තීරණයක් ගැනීමට නියමිත බවයි.
මේ අතර මේ වන විට දිවයින පුරා සිදුවන විශේෂ පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ටී-56 ගිනි අවි 66ක්, පිත්තෝල 69ක්, රිවෝල්වර් 50ක් සමග සමස්ථ ගිනි අවි 1,996ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.




