ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊජිප්තු විදේශ අමාත්‍ය ආචාර්ය බද්ර් අබ්දෙලාටි හමුව තිබේ.

එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහිදී අගමැති මෝදි ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි "මිතුරෙකු" ලෙස විස්තර කළ අතර ගාසා සාම ගිවිසුමේ ඔහුගේ තීරණාත්මක කාර්යභාරය සඳහා කෘතඥතාව පළ කළේය.

දෙරටේ ජනතාවගේ, කලාපයේ සහ මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනය සඳහා ඉන්දියා-ඊජිප්තු උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බව ද අග්‍රාමාත්‍ය මෝදි එහිදී පැවසුවේය.

සිය ඉන්දීය සංචාරය අතරතුර ඊජිප්තු විදේශ අමාත්‍යවරයා එරට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඔහු අමාත්‍ය ජයශංකර් සමඟ ඉන්දියා-ඊජිප්තු උපායමාර්ගික සංවාදයේ සම සභාපතිත්වය දැරීය. මෙම සංවාදය "සන්ධිස්ථානයක්" ලෙස විස්තර කරමින් අමාත්‍ය ජයශංකර් පැවසුවේ, එය දෙරටටම ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ අනාගත ඉලක්ක තැබීමට වේදිකාවක් සපයන බවයි.