අමෙරිකාව ඒලල කළ ගුවන් ප්‍රහාරවලින් භූගතව වළලනු ලැබූ යුරේනියම් ඉරානයට ලබාගත හැකි බව ඊශ්‍රායලය විසින් පවසා තිබෙනවා.

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරයේදී යුරේනියම් භූගතව සඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් යුධ ජයග්‍රහණයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ අමෙරිකානු හමුදාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සම්පූර්ණ විනාශයක් සිදු කළ බවයි.

ඉස්ෆහාන් නගරයේ භූගතව වළලනු ලැබූ යුරේනියම් වෙත ප්‍රවේශ වීම දුෂ්කර බවත්, ඉරානය එයට ළඟා වීමට උත්සාහ කළහොත් එය ඊශ්‍රායලයට දැනගත හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එසේ වුවහොත් ඊශ්‍රායලය විසින් ඉරානයට නැවතත් ප්‍රහාර ආරම්භ කරන බවටද අනතුරු අගවා තිබෙනවා.

කෙසේ වෙතත් යුරේනියම් බලගැන්වීම සිදු කරන්නේ සාමය අරමුණු කරගනිමින් බවයි ඉරාන රජය පවසන්නේ.