ඊශ්‍රායල් රැකියා සඳහා බඳවාගැනීමට පවත්වන ලොතරැයි ක්‍රමයෙන් නොතේරුණු පිරිසට යළි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඊශ්‍රායලයේ ඡෂඊ් ආයතනය සමග සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව ඡෂඊ් ආයතනයේ දත්ත පද්ධතියෙන් ඉවත් කරන ලද හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිතයින් 969 දෙනෙකු නැවතත් ලොතරැයි ක්‍රමයට ඇතුළත් කර තිබෙනවා. සිදුකරන ලද ලොතරැයි ක්‍රමය යටතේ එම 969 දෙනා අතුරින් 562කුම රැකියා සඳහා තෝරාගෙන ඇති බව ඊශ්‍රායල ඡෂඊ් එම ආයතනය විසින් කාර්යාංශයට දැනුම් දී තිබෙනවා. එම 562 දෙනා අතුරින් 518 දෙනෙකු පිරිමි අපේක්ෂකයින් වන අතර, 44 දෙනෙකු කාන්තා අපේක්ෂිකාවන් වනවා. තෝරාගන්නා ලද අපේක්ෂිතයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකරන අතර, මේ සම්බන්ධයෙන් කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් දීමෙන් වලකින ලෙසද කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එවැනි වංචනික ක්‍රියාවල නිරතවෙන පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් පසුවන අතර, එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය 19 89වෙත දැනුම් දෙන ලෙසද කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. මේ අතර ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීම සඳහා අමතර දින දෙකක් ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන්, සෙරමික් ටයිල් වැඩ, කපරාරු වැඩ යන රැකියා සඳහා අද සිට එළඹෙන 07 වනදා පෙරවරු 09 දක්වා කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරිම සිදුකරනු ලබන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. වයස අවුරුදු 25ත් 45ත් අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළ මනා පළපුරුද්දක් තිබිය යුතු වනවා. එමෙන්ම මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති හා ඥාතීන් කිසිවෙකු ඊශ්‍රායලයේ සේවය කරන හෝ පදිංචි පුරවැසියන් නොවන පුද්ගලයින්ට අයදුම් කළ හැකි අතර, වසර 3ට වඩා වැඩි කාල සීමාවක් සහිත සියලුම රටවල් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබිය යුතු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. සුදුසුකම් සපුරා රැකියාව හිමිවන ශ්‍රමිකයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවන අතර, මසකට අමෙරිකානු ඩොලර් 1,520ක වැටුපක් හා අමතරව අතිකාල දීමනා හිමි වනු ඇති.
Published