ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම අද තීරණාත්මක මොහොතකට ළඟා වී තිබෙනවා.
ඒ අනුව හමාස් සංවිධානය යටතේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හත් දෙනෙකු ගාසා තීරයේ රතු කුරුස සංවිධානය වෙත භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හමාස් සංවිධානය විසින් නිදහස් කරන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ලැයිස්තුවක් ද නිකුත් කර තිබෙනවා.
අදාළ ප්‍රාණ ඇපකරුවන් රතු කුරුස සංවිධානයෙන් ඊශ්‍රායල හමුදාවට ලබා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ආරම්භ වන වීමත් සමඟ ප්‍රාණ ඇපකරුවන්ගේ චතුරශ්‍රයේ ප්‍රීති ඝෝෂාපවත්වන අකාරයේ දර්ශන කිහිපයක්ද විදෙස් මාධ්‍ය නිකුත් කළා.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් ඊශ්‍රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන් 250 ක් සහ රැඳවියන් 1,700 කට වැඩි පිරිසක් නිදහස් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇමරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් අද දිනයේ ඊශ්‍රායලය වෙත පැමිණීමට නියමිත අතර ලෝක නායකයන්ගේ ඊජිප්තු සමුළුව සඳහාද සභාභාගී වීමට නියමිතයි.
බ්‍රිතාන්‍ය අගමැති කෙයර් ස්ටාර්මර් විසින් ගාසා තීරයට ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා සැපයීම සඳහා පවුම් මිලියන 20 ක මානුෂීය ආධාර ලබා දෙන බවට පවසා තිබෙනවා.