මිනුවන්ගොඩ අලුතෑපොළ ක්‍රීඩාංගණයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම තරඟයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු එකට ගැටී අනතුර සිදුව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ ක්‍රීඩකයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පලුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි ක්‍රීඩකයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.