වරාය පරිශ්‍රය තුළ බහාලුම් පටවා ගත් ලොරි රථ 300කට වැඩි ප්‍රමාණයක් දින කිහිපයක සිටම සිරවී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන ආධාර සහ උත්සව සමය තුළදී මෙරටට ආනයනය කරන භාණ්ඩය හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ.

මෙරටට ආනයනය කරන බහාලුම් නිශ්කාෂන කිරීම නිසි ක්‍රමවේදයක් හරහා සිදු නොවුණහොත් ඉදිරි දින කිහිපය තුළදී බහාලුන් රථ විශාල ප්‍රමාණයක් වරාය පරිශ්‍රයේ සිරවීමට හැකියාවක් පවතින බවද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.