Published
උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් අද ආරම්භ කළද ඊට බොහෝ පිරිසක් එක්ව නොමැති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව උතුරු පළාතේ රාජ්‍ය ආයතන මෙන්ම පාසල් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.
අම්පාර දිස්ත්‍රික්කයේද අද දිනයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව නෙත් නිවුස් වාර්තාකරු සමන් චන්ද්‍රතිලක පැවසුවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තොරතුරු සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු අමදෝරු අමරජිව. මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු සිවනගර්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණියට පසුගිය 07 වනදා අනවසරයෙන් පුද්ගලයින් 05 දෙනෙකු ඇතුල් වී තිබුණා. ඔවුන් පළවා හැරීමට යුද හමුදාව කටයුතු කළ අතර ඒ, අතරතුරදී එක් පුද්ගලයෙකු මුත්තයාන්කට්ටු වැවේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ. එමෙන්ම එම පුද්ගලයන්ට හමුදා නිලධාරීන් විසින් පහරදී ඇති බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විසින් එදිනම විමර්ශන ආරම්භ කළා. සිද්ධියට අදාලව හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.