උතුරු මැද පළාත් ආන්ඩුකාර ලේකම් කාර්යාලයේ භික්ෂූන් වහන්ස් පන් සිය නමක් උදෙසා පැවැත්වෙන දානමය පිකමකට අවශ්‍ය බව පවසා අනුරාධපුරයේ වෙළද සැළකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කජු කිලේ 25 ක් සහ මිදි කිලෝ 25 ක් අන් අයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් නොගෙවා වංචනික ලෙස ලබා ගැනීමේ චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකාර කාන්තාව ශරීර ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට ලබන දෙසැම්බර් මස 22 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කෙරිණ
මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර 3 වන පියවර අංක 227/03 ලිපිනයේ පදිංචිකරියක් වනවා.
අනුරාධපුර ප්‍රිමන් මාවත පිහිටි සඳමාලි කජු සැළෙහි අයිතිකරු වන මැදවච්චිය සංගිලිකනදරාව අංක 262/ඒ ලිපිනයේ ඒ ආර් ඉන්ද්‍රසේන මහතා අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියා.
උතුරු මැද පළාත් ආන්ඩුකාර ලේකම් කාර්යාලයෙන් බව පවසා සැකකාරිය මුලින් අදාළ වෙළෙද සැළට දුරකථන ඇමතුම් ලබා දී කජු කිලෝ 25 ට සහ මිදි කිලෝ 25 ට අදාළ මුදල් වෙළෙද සැලෙහි ගිණුමට බැර කරන බවට සාකච්චා කර ගෙන මෙලෙස කජු කිලෝ 25 ක් සහ මිදි කිලෝ 25 ක් වංචනික ලෙස ලබා ගෙන ඇති බව පොලිසිය සිදු කල මූලික විමර්ශනයේදී අනාවරණ වී තිබුනා.
මුදල් නොගෙවා වංචනික ලෙස ලබා ගත් කජු කිලෝ 25 සහ මිදි කිලෝ 25 සැකකාරිය විසින් විවිධ ස්ථාන වලට මුදළට අළෙවි කර ඇති බවද පොලිස් විමර්ශනවලදී තවදුටරත් හෙළිව තිබෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් ජයවීර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂකවරුන් වන එස් නන්දසේන සහ වන්නිනායක යන මහත්වරුන් පෙනී සිටියේය




