උතුරු - නැගෙනහිර පළාත්වල අද දිනයේ ක්‍රියාත්මක කළ හර්තාලයට හේතුවී ඇති කරුණු කුමන්ත්‍රණයක් බවට සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තයාන්කට්ටු, සිවනගර්හි පිහිටි 12 වන සිංහ රෙජිමේන්තු බලඇණියට පසුගිය 07 වනදා අනවසරයෙන් පුද්ගලයින් 05 දෙනෙකු ඇතුල් වී එහි තිබූ භාණ්ඩ සොරකම් කිරීමට තැත් කර තිබුණා. එම අවස්ථාවේ අදාල පුද්ගලයින් පළවා හැරීමට යුද හමුදාව කටයුතු කළ අතර ඒ අතරතුරදී එක් පුද්ගලයෙකු මුත්තයාන්කට්ටු වැවේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. එමෙන්ම එම පුද්ගලයන්ට හමුදා නිලධාරීන් විසින් පහරදී ඇති බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
උතුරු - නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් අද දිනයේ ක්‍රියාත්මක කළද ඊට බොහෝ පිරිසක් සහාය ලබා නොදුන් බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. ඒ අනුව උතුරු පළාතේ රාජ්‍ය ආයතන මෙන්ම පාසල් කටයුතු ද අද දිනයේ සාමාන්‍ය පරිදි සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ. Published