උදාවූ නත්තල මෙරට කිතුණු ජනතාව මහත් බැතියෙන් යුතුව සමරමින් සිටිනවා.

වෙනදා මෙන් උත්සව පැවැත්වීමට වඩා පසුගියදා ඇති වූ ආපදාවන්ට ලක්වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීම මෙවර නත්තලේදි බොහෝ කිතුණුවන්ගේ අරමුණ වී තිබීම විශේෂිත කරුණක්.

කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ උස්වැටකෙයියාව සාන්ත මරියා දේවස්ථානයේදීයි.

මේ අතර උදාවු නත්තල චාම්ව හා මහත් භක්තියෙන් යුතුව රටපුරා කිතුණුවන්ද සමරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

හලාවත සහස අවට ප්‍රදේශවල නත්තල් සැමරුම් පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්තගෙන්.

කළුතර අවට ප්‍රදේශවල කිතුණුවන්ද මෙවර නත්තල් දිනය චාම් හා අභිමානවත් ලෙස සමරමින් සිටින බවයි නෙන් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි පැවසුවේ.

වතුකරයේ කිතුණුවන්ද චාම් අයුරින් නත්තල් දින සැමරුම්වලට එක්ව සිටින බව හැටන් නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්‍ෂ පැවසුවා.

උතුරු පළාතේ නත්තල් සැමරුම් සිදුකරන ආකාරය පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.