උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බවත් ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
පාසල් තුළ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ මානසික මට්ටම යහපත් පරිදි පවත්වාගෙන යා හැකි මනෝ උපදේශන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි විධිමත් සැලැස්මක් අනුව සියලුම පාසල්වල එම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවයි.
පළාත් මනෝ සමාජීය සම්පත් මධ්‍යස්ථාන කළමනාකරුවන්ගේ පුරප්පාඩු සහ සම්පත් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳව මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ ධනාත්මක විනය පාලන ක්‍රම පිළිබඳව ද, එහි දී අවධානය යොමුව තිබෙනවා.
ගැටලු නිරාකරණය, මත්ද්‍රව්‍ය, අපයෝජන මෙන්ම ළමා හිංසනය ආදී ගැටලු සියල්ල එකම තැනකින් විසඳීම හරහා වඩා ඵලදායීතාවක් ලබාගත හැකි ද යන්න සලකා බලන ලෙසයි අග්‍රාමාත්‍යවරිය එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.
ගුරුවරුන් ගුරු උපදේශකවරුන් හා විෂය අධ්යක්ෂවරුන් සමග සාකච්ඡා කරමින් අන්තර් ජාතික ප්රමිතීන් ද සැලකිල්ලට ගෙන ළමා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බවද එහිදී ප්‍රකාශ කෙරුණා.
එම නියමු ව්‍යාපෘතිය යටතේ සකස් කරන ලද පන්ති කාමර තුළ දරුවන් ඉතා සතුටින් සිටින බවත්, එහි නියමු වැඩසටහන මේ වන විට පාසල් 50ක් ආවරණය වන පරිදි සාර්ථකව සිදු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




