Published
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය, කලින් පිටවී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට, විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ පසුගිය දින පැවති උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ කලින් පිටවී ඇති බවට වාර්තා වූ බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විභාග දෙපාර්තමේන්තු විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.




