Published
මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර බේරා ගැනීමේ සමාජ සත්කාරයට නෙත් එෆ් එම් රේඩියෝවද දායක වනවා.
“එක් වෙමු පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” යන තේමාව යටතේ එම සමාජ සත්කාරය ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ඊයේ දිනයේ සිට නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළා.
මේ අතර, රජයේ සියලුම ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා අද දින සිට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා වූ විශේෂ කාර්යාලයක් ලබන 22 වනදා කොළඹ 07 ටොරින්ටන්හිදී විවෘත කරන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.




