ඓතිහාසික උරුමයත්, සංස්කෘතියත් අතහැර රටේ අනාගත සංවර්ධන මාවත තෝරා ගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන සංදේශය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ පස්වරුවේ පිළිගැන්වීමෙන් අනතුරුවයි. බෞද්ධ සංස්කෘතිය සමඟ ගොඩනැගුණු, කිසිවිටකත් අත්හැරිය නොහැකි, ආරක්ෂා කරමින් වර්ධනය කළයුතු මහා උරුමයක් ශ්‍රී ලාංකික ජනතාවට තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම උරුමයෙහි වැදගත්ම අවස්ථාව ලෙස ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය සැලකෙන බවයි එහිදී ප්‍රකාශ කළේ.

රටට අවශ්‍ය වන්නේ තවදුරටත් මෙම සංස්කෘතික අවස්ථාවන් සමඟ බද්ධ වූ ජාතියක් ලෙස ඉදිරියට යාමට බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ ඒ වෙනුවෙන් පොදු ජනයාට ඓතිහාසික උරුමය සහ සංස්කෘතිය සමඟ ඓන්ද්‍රීයව බැඳීමට සහ හැදෑරිමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන බවයි. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.