ඕස්ට්‍රේලියාවේ දරුවන්ට අද උදා වූයේ සාමාන්‍ය දවසක් නම් නොවෙයි.
ඒ, ඔවුන් අද ඉතිහාසයේ පළමුවරට සමාජ මාධ්‍ය නොමැති දිනයකට මුහුණදීමත් සමගයි.
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම දැන් බලාත්මක වී තිබෙනවා.
තහනම ක්‍රියාත්මක වන විටත් එරට ළමුන්ගෙන් අතිමහත් බහුතරයක් තද නින්දේ පසුවද්දී අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසුවේ තමන්ට අද ඕස්ට්‍රේලියාවේ අගමැති වීම පිළිබඳ ආඩම්බර දිනයක් උදා වූ බවයි.
වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම කළ ලොව ප්‍රථම රට වන්නේ ඕස්ට්‍රේලියාවයි.
එරට සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් මිලියන පහක් සිටිනවා.
ඉන් මිලියනයක් වයස අවුරුදු 10 ත් 15 ත් අතර ළමුන්.
ඒ අනුව අද සිට ඔවුන්ට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, යූටියුබ්, ස්නැප්චැට්, එක්ස්, ත්රෙඩ්ස්, කික්, ස්විච් හා රෙඩිට් යන සමාජ මාධ්‍ය වේදිකාවන් තහනම් වනු ඇති.
මෙහි විශේෂත්වය වන්නේ තහනම කඩකරන දෙමාපියන්ට හෝ දරුවන්ට දඬුවම් නොකිරීමයි.
නමුත් අදාළ සමාගම් නීති උල්ලංඝනය කළහොත් ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 32ක දඩයකට මුහුණ දීමට සිදු වනවා.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි පාසල් නිවාඩුවෙන් ”උපරිම ප්‍රයෝජන ගන්නා” ලෙසයි.
නව ක්‍රීඩාවක් ආරම්භ කිරීම, නව සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනීම, නැතහොත් අත්හැර දැමූ රාක්කයේ තබා ඇති පොත් යළි කියවීම ආරම්භ කරන්නැයි අගමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මෙලෙස සමාජ මාධ්‍ය තහනම් කළේ දරුවන්ට සිය මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමඟ මුහුණට මුහුණලා කාලය ගත කිරීමට ඉඩ සැලසීමද අරමුණු කරගනිමින් බවයි ඔහු පවසා ඇත්තේ.




