අන්තර්ජාලය ඔස්සේ ගෙන්වන භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීමේදී මෙතෙක් පැවති ලිහිල් ක්‍රමවේදය වෙනස් කළ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ මෙතෙක් පැවති ක්‍රමවේදය හරහා රජයට අය විය යුතු නිසි බදු ප්‍රමාණය අය වී නොමැති බවයි.

අන්තර්ජාලය ඔස්සේ ගෙන්වන භාණ්ඩ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු වන බවටත් ඒවායේ මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ඇති බවත් සමාජ මාධ්‍ය තුළ මේ වන විට කතාබහට ලක්වන මාතෘකාවක්.

ඊට ප්‍රතිචාර දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ පරික්‍ෂා කිරීම සඳහා රේගුවේ තිබූ බොහෝ භාණ්ඩ මේ වන විට නිෂ්කාශනය කර ඇති බවයි.

මේ අතර වාහන ආනයනයට රජය විසින් අවසර දීමෙන් පසු මේ වන විට මෝටර් රථයක් දාහට දාහකට අධික ප්‍රමාණයක් ආනයනය ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේවෙතත් රජය විසින් පනවන ලද රෙගුලාසි වලට පටහැනිව ආනයනය කර ඇති වාහන යම් ප්‍රමාණයක් රේගුවේ ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.