ඔස්ටි්‍රයාවේ ග්‍රාස් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට පොලිසිය පැවසුවේ 21 හැවිරිදි වියේ පසු වූ තුවක්කුකරු, ඉන් ටික වේලාවකට පසු පාසල් නාන කාමරයකදී සියදිවි නසාගෙන ඇති බවයි.
ඔහු එම පාසලේම හිටපු ශිෂ්‍යයෙකු බවටයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීම ඔස්ටි්‍රයානු මෑත ඉතිහාසයේ සිදු වූ මාරාන්තිකම වෙඩි ප්‍රහාරයයි.
ප්‍රහාරයෙන් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා.
තවත් 12 දෙනෙකු තුවාල ලැබූ අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පැවසුවේ.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ වෙඩික්කරු ප්‍රහාරයට භාවිතා කළ තුවක්කු දෙක නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවයි.
ඔහුට ගිනි අවි බලපත්‍රයක් තිබූ බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.
වෙඩි තැබීම සිදු කිරීම සඳහා සැකකරු පිස්තෝලයක් සහ තුවක්කුවක් භාවිතා කළ බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් ඔස්ටි්‍රයාවේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ප්‍රහාරය සිදු වූ පාසල නැවත දැනුම් දෙන තුරු වසා තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ප්‍රංශයේ ඊසානදිග ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට ශිෂ්‍යයෙකු විසින් පිහියකින් ඇනීමෙන් ගුරු සහායකයෙකු මිය ගොස් තිබෙනවා.
ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු එම පාසලේම ශිෂ්‍යයෙකු බවත් ඔහුගේ වයස අවුරුදු 14ක් බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.
මෙම ප්‍රහාරයට හේතුව ද මෙතෙක් තහවුරු කරගෙන නැහැ.