ඔස්ටි්‍රයාවේ ග්‍රාස් නගරයේ පාසලක අද සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළුව පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතරට වෙඩි තැබූ පුද්ගලයාද අයත්.

තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැකකරු ද එම පාසලේම සිසුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.